පැමිණිලි ඉදිරිපත් කිරීම
2025 පෙබරවාරි 18 දිනැති PS/SB/Circular/2/2025 අංක චක්රලේඛය පරිදි, ජනාධිපති ලේකම් විසින් නිකුත් කරන ලද, මහවැව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ අභ්යන්තර කටයුතු ඒකකය (IAU) විධිමත් ලෙස ස්ථාපිත කර ඇත.
ඒ අනුව අප ප්රාදේශීය ලේකම් කාර්යාලයේ යම් අක්රමිකතාවයක්, දූෂණයක් හෝ වංචාවක් ඔබ දැනුවත්ව සිදුවන්නේ නම් නාමිකව හෝ නිර්නාමිකව ඒ පිළිබඳව තොරතුරු / පැමිණිලි අප ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේ පිහිටුවා ඇති අභ්යන්තර කටයුතු ඒකකය වෙත පහත ක්රමවේදයක් ඔස්සේ දැනුම්දිය හැකිය.
- ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේ ස්ථානගත කොට ඇති පැමිණිලි පෙට්ටියට යොමු කිරීම.
| විද්යුත් තැපෑල | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| +94 703 777 570 | |
| දුරකථන අංකය | +94 322 254 231 |
| ෆැක්ස් අංකය | +94 322 252 061 |
| තැපැල් ලිපිනය | අභ්යන්තර කටයුතු ඒකකය, ප්රාදේශීය ලේකම් කාර්යාලය, මහවැව |
| QR කේතය | ![]() |
| සබැඳිය | https://iaum.presidentsoffice.gov.lk/complaints/qr-form/9OZJG |
අභ්යන්තර කටයුතු ඒකකයේ සංයුතිය
| IAU තනතුර | නම | තනතුර |
| ඒකක ප්රධානී | එම්.එස්.එම්.එස්.එම්. සේනානායක මිය | සහකාර ප්රාදේශීය ලේකම් |
| සුපිළිපන් නිලධාරි / සාමාජික | ජේ.එම්.බී. නිසංසලා මිය | ගණකාධිකාරි |
| සාමාජික | ඩී.එම්.පී. දසනායක මිය | සහකාර අධ්යක්ෂ (සැළසුම්) |
| සාමාජික | ඩබ්ලිව්.ඩබ්ලිව්.එන්. හිමාලි මිය | පරිපාලන නිලධාරි |
| සාමාජික | ජේ.පී.එන්.එස්. ප්රනාන්දු මිය | පරිපාලන ග්රාම නිලධාරි |
අභ්යන්තර කටයුතු ඒකකයේ ප්රධාන අරමුණු
| අංකය | ප්රධාන අරමුණු |
| 01 | ආයතනික විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීම |
| 02 | දූෂණය සහ අක්රමිකතා වැළැක්වීම |
| 03 | මහජන පැමිණිලි සහ ගැටලු සඳහා ඉක්මන් විසඳුම් ලබාදීම |
| 04 | සුපිළිපන්භාවය (Integrity) සහ ආචාරධර්ම ප්රවර්ධනය කිරීම |
| 05 | සම්පත් ප්රශස්ත ලෙස කළමනාකරණය කිරීම |
| 06 | මහජන විශ්වාසය සුරැකීම |
අභ්යන්තර කටයුතු ඒකකයේ වගවීම් සහ කාර්යයන්
| අංකය | වගවීම් සහ කාර්යයන් |
| 01 | ආයතනය තුළ පවතින ක්රියාවලීන් සහ චක්රලේඛ පරීක්ෂා කිරීම මගින්, කාර්ය සාධන කාර්යක්ෂමතාවයට බාධා පමුණුවන පද්ධතිමය ගැටලු හඳුනාගෙන, ඒවා සරල කිරීම |
| 02 | ආයතනය තුළ දූෂණයට සහ අනීතික හැසිරීම්වලට ඉඩ ඇති ක්ෂේත්ර හඳුනා ගැනීම සඳහා 'දූෂණ අවදානම් තක්සේරු කිරීම්' (Corruption Risk Assessments - CRAs) සිදු කිරීම සහ ඊට අදාළව නිශ්චිත වැළැක්වීමේ පියවර ගැනීම |
| 03 | ආයතනයේ අවශ්යතාවලට ගැලපෙන පරිදි, දූෂණ මර්දනයට අදාළ නිශ්චිත අරමුණු සහ උපාය මාර්ග ඇතුළත් 'ආයතනික අඛණ්ඩතාව පිළිබඳ ක්රියාකාරී සැලැස්මක්' (Institutional Integrity Action Plan) සකස් කර ක්රියාත්මක කිරීම |
| 04 | ආයතනය මගින් සපයනු ලබන සේවාවන් පිළිබඳ විස්තර ඇතුළත් 'පුරවැසි ප්රඥප්තියක්' (Citizen’s Charter) සකස් කර ප්රකාශයට පත් කිරීම |
| 05 | දූෂණ මර්දන මූලධර්මවලට කැපවීමට සේවකයින් දිරිගැන්වීම සඳහා, පුහුණුව සහ දැනුවත් කිරීම් ඇතුළු විවිධ පියවර ක්රියාත්මක කිරීම |
| 06 | අඛණ්ඩතාව (integrity) වර්ධනය කිරීමේ වැඩසටහන් සැලසුම් කිරීම සහ සියලුම පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම |
| 07 | පාරදෘශ්යභාවය සහ මහජන සන්නිවේදනය |
















