‘’ප්‍රජා ශක්ති 2026 ගම් දහසක වැඩ දහසක්’’ ප්‍රජා ශක්ති පුත්තලම දිස්ත්‍රික් වැඩසටහන මහවැව මැදගොඩ ග්‍රාමයේදී.....

ශ්‍රී ලංකාවේ බහුමාන දරිද්‍රතාවය පිටුදැකීම, ආහාර සුරක්ෂිතතාවය සහ ජීවනෝපාය සංවර්ධනය අරමුණු කරගනිමින් ග්‍රාමීය සංවර්ධනය උදෙසා ප්‍රජා ශක්ති 2026 ගම් දහසක වැඩ දහසක් ජාතික වැඩසටහන ට සමගාමීව පැවති පුත්තලම දිස්ත්‍රික් සමාරම්භක උත්සවය අද මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මැදගොඩ ග්‍රාමයේ දී පැවැත්විණි.

ඒ අනුව රුපියල් මිලියන 25,000ක මහජන බදු මුදල් වැය කරමින් දිවයින පුරා ගම් නියම්ගම් දහසක එකවර ආරම්භ වන මෙම සුවිශේෂී ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති මාලාවේ පුත්තලම දිස්ත්‍රික් ව්‍යාපෘතිය වන මැදගොඩ පොල් කඳ ඔය පැති බැම්මට ජලය පාලනය සඳහා වන දියදොර 02ක්‌ ඉදිකිරීම හා දියපැන්නුම ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

මෙම ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තු වටිනාකම රුපියල් 8,000,000/=කි. එමෙන්ම මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ කුඹුරු අක්කර 600කට අධික ප්‍රමාණයක් සඳහා දියවර නිකුත් කිරීමට අපේක්ෂිතය.

මෙම අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ගයාන් ජානක මහතා, නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපති සාගර විජේසේකර මහතා, දිස්ත්‍රික් ලේකම් ඉන්දික සිල්වා මහතා, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ චින්තා විතාන මහත්මිය, මහවැව ප්‍රාදේශීය ලේකම් බී.ඩබ්.එම්.එම්.එස්. බණ්ඩාර මහත්මිය, මහවැව සහකාර ප්‍රාදේශීය ලේකම් එම්.එස්.එම්.එස්.එම්. සේනානායක මහත්මිය, මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ (සැළසුම්) ඩී.එම්.පී. දසනායක මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසීන් සහ ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි විය.

 

010203201725

News & Events

17
பிப்2022
‘’ප්‍රජා ශක්ති 2026 ගම් දහසක වැඩ දහසක්’’

‘’ප්‍රජා ශක්ති 2026 ගම් දහසක වැඩ දහසක්’’

‘’ප්‍රජා ශක්ති 2026 ගම් දහසක වැඩ දහසක්’’...

17
பிப்2022
‘’අත්තම‘’ ජාතික වැඩසටහන

‘’අත්තම‘’ ජාතික වැඩසටහන

පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර...

குடியுரிமை சாசனம்

Scroll To Top